Friday, April 26, 2024

General line - 0115112241

සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන්ගේ වරෙන්තුව ඉවත් වෙයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අත්හිටුවනු ලැබුවා.

ඒ තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

තිලකරත්න ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ බිරිඳ විසින් ගොනුකළ නඩත්තු නඩුවකට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ (24) දින මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණා.

මෙම නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

නඩු දිනය පිළිබඳ පැවැති අපහැදිලි තත්ත්වයක් හේතුවෙන් අධිකරණය වෙත පැමිණීමට නොහැකි වූ බවයි තිලකරත්න ඩිල්ෂාන් හේතු දක්වා තිබුණේ.