Friday, April 19, 2024

General line - 0115112241

ජනක බණ්ඩාර සහ ලොහාන් ආසනයෙන් දොට්ට




ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය  නව ආසන සංවිධායකවරුන් පිරිසක් අද පත්කරනු ලැබුවා. 

එම පත්කිරීම් සමග ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයකු  ද වන හිටපු  අමාත්‍ය, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර  තෙන්නකෝන්ට දඹුල්ල ආසන සංවිධායක ධුරය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තට පාතදුම්බර ආසන සංවිධායක ධුරය ද අහිමිව තිබෙනවා.

දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්දසිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබෙනවා. ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු  පාතදුම්බර  ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර  ප්‍රාදේශිය සභාවේ  හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර පත්කර තිබෙනවා.

මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර  විදානගම ඉන් ඉවත්කර  ඒ වෙනුවට  කේ.ජි.ගුණවර්ධන පත් කර ඇති අතර ඔවුනට පත්වීම් ලිපි  ප්‍රදානය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  අතින් ජනාධිපති  කාර්යාලයේ දී ලබා දුන්නා.

මීට අමතරව දිස්ත්‍රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත්කර තිබෙනවා. නිශ්ශංක හේරත්,අසංක දොඩම්වල,අසේල ඒකනායක,ලින්ටන් විජේසිංහ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කර ඇති අතර කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න මාතලේ දිස්ත්‍රික්කයට ද සලිත කරුණාරත්න,ශාන්ත රත්නායක,නික්ෂන් සුරියකුමාර් රත්නපුර දිස්ත්‍රික්යට ද පත් කර ඇත.

එස්.අගිල්දාස්, බී ගෝපාල් ක්‍රිෂ්ණන්, කන්දසදාමි කරුණාකරන් යාපනයට ද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලැබුවා.