Saturday, April 20, 2024

General line - 0115112241

රණවිරු දූ දරුවන්ට ජනපති අතින් ශිෂ්‍යත්ව




රණවිරුවන්ගේ දූ දරුවන් අසූ දෙදෙනෙකුට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) ශිෂ්‍යත්ව පිරිනැමුණා. ඒ. ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන් විසි පස් දෙනෙකුට රුපියල් විසිදහස බැගින් පිරිනැමුණා.

හයවන ශ්‍රේණියේ සිට 08වන ශ්‍රේණිය දක්වා සිසුන් 27 දෙනෙකුට මෙහිදී රුපියල් තිස් දහස බැගින් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 09 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් තිස් දෙනෙකුට රුපියල් පනස් දහස බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමද මෙහිදි සිදු කෙරුණා.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදු කෙරුණේ යුද්ධයේදී මිය ගිය හා ආබාධිත වූ ත‍්‍රිවිධ හමුදාවේ, රණවිරුවන්ගේ හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන්. වාර්ෂිකව පවත්වන රණවිරු දූදරු ශිෂ්‍යත්ව ප‍්‍රදාන වැඩසටහනේ පහළොස්වන සහ 16වන අදියර යටතේ මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයන් සිදු කෙරුණා.