Wednesday, April 24, 2024

General line - 0115112241

තෙල් හිඟය ක්‍රමයෙන් පහව යයි




ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් අඩපණ වී තිබූ ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතු මේ වන විට ක‍්‍රමයෙන් යථාතත්වයටපත් වෙමින් තිබෙනවා. ඞී ජේ රාජකරුණා පැවසුවේ වෙනදාටත් වඩා වැඩි බවුසර් ප‍්‍රමාණයක් අද දිනයේ ඉන්ධන පිරවුම්හල් වෙත පිටත් කර හැරි බවයි. 

මේ වන විට ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමේ සභාපති ෂෙහාන් සෙනෙවිරත්නගෙන් ද විමසීමක් කළා. 

කෙසේ වෙතත් ඇතැම් ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ තවමත් තදබදයක් දක්නට ලැබෙන බවයි නෙත්  නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.