Friday, April 19, 2024

General line - 0115112241

අයි සී සී ශූරයින්ගේ කුසලානයට එන එංගලන්ත කණ්ඩායම මෙන්න




අයි සී සී ශූරයින්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන සත්කාරක එංගලන්ත කණ්ඩායම අද ප‍්‍රකාශයට පත් කළා. ඉයන් මෝගන් නායකත්වය දරන කණ්ඩායමට ප‍්‍රබල වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීවන් ෆින් ඇතුළත් වී නැහැ.

ප‍්‍රබල ක‍්‍රීඩකයින්වන බෙන් ස්ට්‍රොක්, ජොස් බට්ලර්, ජෝයි රූට්, ජේසන් රෝයි, ක‍්‍රිස් වෝකර්ස් හා මොයින් අලි ද සංචිතයට ඇතුළත්. තරගාවලියට එක් වන කණ්ඩායම් අටෙන් හයක්ම මේ වන විට සිය සංචිත නම් කර අවසන්. තරගාවලිය ජූනි පළමුවනදා ආරම්භවනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ද එංගලන්තය සහ බංග්ලාදේශය අතරයි.