Saturday, April 20, 2024

General line - 0115112241

ජනමත විචාරණය පළමුව! රාජිතගෙන් ප්‍රකාශයක්!




යහපාලන රජය මෙම වසරේ මුුහුණ දෙන ප‍්‍රථම මැතිවරණය නව ව්‍යවස්ථාව සදහා වූ ජනමත විචාරණය බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. පාර්ලිමේන්තුවෙන් එය සම්මත වූ පසු ජනමත විචාරණයට ලක් කරන බවයි අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදි සදහන් කළේ.

නව ව්‍යවස්ථාව සකස් කිරීම සදහා මේ වනවිට කමිටු පත්කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත් කඩිනමින් ව්‍යවස්ථාව සකස් කරන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ජනමත විචාරණයෙන් පසු පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බවද ඔහු සදහන් කළා.