Friday, March 29, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලානයට යන පාකිස්ථානු කණ්ඩායම නම් කරයි




අයි සී සී ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන පකිස්තාන සංචිතය නම්කර තිබෙනවා. 

පහලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස නම්කර ඇත්තේ කඩුලූ රකින කී‍්‍රඩක සෆ්රාස් අහමඞ්. 

උමාර් අක්මාල් සහ අසර් අලී පකිස්තාන සංචිතයට යළි කැදවා තිබෙනවා. 

මෙතෙක් එක්දින වරම් දිනාගෙන නොමැති කී‍්‍රඩකයින් දෙදෙනෙකුද සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. 

පකිස්තානු කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේදී තරග වදින්නේ ශී‍්‍ර ලංකාවද අයත් බී කාණ්ඩයෙන්. 

දෙරට අතර තරගය ජූනි 12 වනදා පැවැත්වෙනවා. 

පකිස්තානය තරගාවලිය ආරම්භ කරන්නේම ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගයකදීවීම විශේෂත්වයක්.