Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී මළල ක‍්‍රීඩා දෙවන අදියර අද චීනයේදී




ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී මළල ක‍්‍රීඩා තරගාවලියේ දෙවන අදියර චීනයේ ජියැෂිංග්හිදී අද (27) ආරම්භ වනවා.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් ඊට සහභාගි වීමට නියමිතයි.

තරග ඉසව් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.00 ට පමණ ආරම්භ වනවා. කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තාරිකා ප‍්‍රණාන්දු සහභාගි වීමට නියමිතව සිටිනවා.

සුමේධ රණසිංහ සහ වරුණ ලක්ෂාන් පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට එක් වනවා. මීටර් 100 කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වලට එක්වන්නේ රුමේෂිකා රත්නායක සහ හිමාෂ ඒෂාන්.

පිරිමි තුන් පිම්ම අවසන් තරගය සඳහා සංජය ජයසිංහත් කාන්තා උස පැණීම අවසන් .තරගය සඳහා තරංගා විනෝදනීත් සහභාගි වනවා. 

මීටර් 800 කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වල අවසන් තරග සඳහා එක්වන්නේ නිමාලි ලියනාරච්චි සහ අජිත් පේ‍්‍රමකුමාරයි.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය නියෝජනය කරන අනෙක් ශ්‍රී ලංකා ක්‍රිඩිකාව වන්නේ ගයන්තිකා අබේරත්නයි .

පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ අවසන් තරගයට එක්වන අනෙක් ශ්‍රී ලංකා ක්‍රිඩකයා වන්නේ ඉදුනින් හේරත්.

ඉකුත්දා චීනයේ පැවති ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී මළල ක‍්‍රීඩා තරගාවලියේ පළමු අදියරයේ දී ඉදුනිල් හේරත් පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ ප‍්‍රථම ස්ථානය හිමි කර ගත්තා.