Thursday, April 25, 2024

General line - 0115112241

උතුරේ විරෝධතාකරුවන් A9 මාර්ගය වසා දමයි




අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මේ වනවිට A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා.

ඒ , A9 මාර්ගය වව්නියාව තැපැල් කාර්යාලය අසලින් අවහිර කරමින්.

විරෝධතාකරුවන් මාර්ගයට පුටු ද රැගෙන පැමිණ විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් A9 මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

අතුරුදන් වූවන් සොයා දෙන ලෙසට සහ උතුරේ ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බල කරමින් මේ වනවිට උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ද ක‍්‍රියාත්මකයි. 








 

-----------------------