Thursday, April 25, 2024

General line - 0115112241

ෆොන්සේකාගේ අලුත් තනතුර ජනාධිපති තුමා විහිළුවට කියපු එකක්!




‘‘කැබිනට් රැස්වීමෙදි ජනාධිපතිතුමා බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් තමයි මේ දුරදිග ගිහින් තියෙන්නෙ. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි එතුමා විහිළුවටයි අහල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයාට බැරිද මේ වැඩේ පාලනය කරන්න කියලා. මෙහෙම කරන්න ජනාධිපතිතුමා හීනෙන් වත් හිතල නැහැ.’’ යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසුවා.

“මම කැබිනට් රැස්වීමට ගියේ නැහැ. මේ ගැන මාධ්‍යවලින් දැනගත්තම මම ජනාධිපතිතුමා හමුවුණා. එය තමා විහිළුවට කී කතාවක් බවත් කිසිසේත්ම එවැනි දෙයක් කරන්නට නොසිතු බවත් ජනාධීපතිතුමා කිව්වා.’’ යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

‘මේ හේතුවෙන් දේශපාලන අවුලක් හදාගෙන සමහර පක්ෂ මැයි දින රැළිවලට මේක දඩමීමා කරගෙන තියෙනවා කියලා පේනවා. මේක කියල බය කරල ගෝල්ෆේස් පිටියට ජනතාව අදින්නත් සැලසුම් තියෙනවා. ’’

‘‘කැබිනට් ප‍්‍රකාශක කියන දේ වගකීමෙන් කිව යුතුයි. එය වෙනස් වෙන්නේ නැහැ. රාජිත ඇමතිවරයා මේ කථාව කිව්වා නම් ඒ ගැන එතුමාත් සලකා බැලිය යුතුයි. ආණ්ඩුවේ බලධාරිනුත් ඒක සළකා බැලිය යුතුයි’’ යැයි ද අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.