Thursday, April 18, 2024

General line - 0115112241

කම්කරුවාගේ දිනයේදී දේශපාලන රැළි 16ක් - 15ක්ම කොළඹ




මෙවර මැයි දිනය වෙනුවෙන් ප‍්‍රධාන මැයි රැළි සහ පෙළපාලි 16ක් පැවැත්වෙන බව පොලිසිය පවසනවා. 

ඉන් 15ක්ම පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින්. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මැයි රැළිය මහනුවර නගරයේ දී පැවැත්වෙනවා. 

කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මැයි රැළි වෙනුවෙන් පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක‍්‍රියාවට නැංවීමටයි සැලසුම් කර ඇත්තේ. 

කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථ වාහන කළමනාකරණය ද පොලිස් නිලධාරීන් හාරදහස් හත්සිය හැට පහකට අධික සංඛ්‍යාවක් සේවයට යෙදවීමට නියමිතයි. 

මහනුවරට යෙදවෙන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තුන් දහස් පන්සියක්. 

මෙම පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ බලකාය සහ යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද ආරක්ෂාවට යෙදවීමටයි සැලසුම්කර ඇත්තේ. 

මීට අමතරව බුද්ධි නිලධාරීන් ද රාජකාරි කටයුතු සඳහා යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා.
 
මැයි දිනයේ කොළඹ නගරයේ දැනට ක‍්‍රියාත්මක වන සී සී ටීවී ආරක්ෂක කැමරා පද්ධතියට අමතරව ආරක්ෂාව අතින් වැදගත් ස්ථාන ආවරණය කිරීමට අතිරේක කැමරා පද්ධතියක් ද සවිකර තිබෙනවා. 

කැමරා සවිකරන ලද විශේෂ ආවේක්ෂණ රථ කිහිපයක ද සහය මෙවර ලබා ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.