Wednesday, April 24, 2024

General line - 0115112241

මොරටුවේ දුම්රිය අනතුරෙන් අයෙකු මරුට - තිදෙනෙකු රෝහලේ




මොරටුව කොරලවැල්ල ප‍්‍රදේශයේ දී දුම්රිය පාපුවරුවේ ගමන්ගත් පිරිසක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව හතරක්. රෝහල් ගත කළ එම පිරිසෙන් බරපතල තුවාල ලබා සිටි අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. 

අතුරු මාර්ගයක ගමන් කළ ලොරි රථයක් දුම්රිය මාර්ගය අසළට පැමිණීමේ දී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. 

අනතුරට මුහුණපෑවේ ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් පිරිසක්. 
තුවාල ලැබූවන් පානදුර රෝහලට රැගෙන ගොස් ඇත්තේ ද එම ලොරි රථයෙන්මයි. 

පසුව ලොරි රථයේ රියදුරා පොලිසියට භාර වී තිබෙනවා.