Thursday, April 25, 2024

General line - 0115112241

චන්දිමාල් සිය කණ්ඩායමට ශූරතාවය දිනා දෙයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කළ සුපර් ප්‍රොවින්ෂල් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්ව දැරූ කොළඹ කණ්ඩායම ඊයේ (29) රාත‍්‍රීයේ සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී ගාල්ල කණ්ඩායම ලකුණු 137 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 307 ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 113යි. ශෙහාන් ජයසූරිය ලකුණු 77 ක් රැස් කළා.

ලකුණු 308 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

ශම්මු අශාන් ලකුණු 30ක් රැස් කළා. චතුරංග ද සිල්වා ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 43කට කඩුලු 04ක් දවා ගත්තා. තරගය පැවැත්වුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.