Friday, March 29, 2024

General line - 0115112241

විවාහ වී මාස 05 යි - බිරිඳ සමග උරන වූ සැමියා නිවස ගිනි තබයි




බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් තම නිවස ගිනි තැබූ සැමියෙකු පිළිබඳව කාන්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (29) රාත්‍රියේ මොහු මෙම ගිනි තැබීම සිදු කර තිබෙනවා.

ගිනි තැබීම සිදුකළ සැමියා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව කාත්තන්කුඩි පොලීසිය ප්‍රකාශ කළා.

සිය සැමියා විසින් කලින් වතාවකදීත් තමාව ඝාතනය කිරීමට කුස්සියේ ගෑස් සිලින්ඩරය විවෘත කර තැබූ බවත් බිරිඳ පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මොවුන් විවාහ වී මාස 05 ක් වැනි කෙටි කාලයක් බවත් සඳහන්.