Tuesday, April 16, 2024

General line - 0115112241

ඉදුනිල් සහ ගයන්තිකා ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තෙවන අදියරේදී ජය ලබයි (PHOTOS)




ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ තෙවන අදියරේ මීටර් අටසියය ධාවන ඉසව්වල ජය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව අද (30) පස්වරුවේ සමත් වුණා. 

මීටර් අටසියය කාන්තා ධාවන ඉසව්වට එක්වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගත්තේ විනාඩි දෙකයි තත්පර තුනයි දශම අටයි හතක දක්‍ෂතාවක් වාර්තා කරමින්. 

එම ඉසව්වට එක්වූ නිමාලි ලියනාරච්චිට 3 වන ස්ථානය හිිමි වුණා. ඇගේ තරග නිමි කාලය විනාඩි දෙකයි තත්පර හයයි දශම තුනයි බින්දුවක්. 

මීටර් අටසියය පිරිමි ධාවන ඉසව්වට එක් වූ ඉදුනිල් හේරත් විනාඩියයි තත්පර පනස් එකයි දශම තුනයි හතරක දක්‍ෂතාවක් වාර්තා කරමින් එහි ප‍්‍රථමස්ථානය හිමිකර ගත්තා. 

ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ තෙවන අදියර පැවැත්වුණේ චීන තායිපේහිදීයි.

Asian GP - 3rd leg

800m - Men - Indunil Herath - 1:51.34 GOLD
800m - Women Gayanthika Abeyrathna - 2:03.87 - GOLD 
800m - Women - Nimali Liyanaarachchi- 2:06.30 - Bronze
Shotput - Women - Tharika Kumudumali 14.15m - 7th
100m - men - Himasha Eshan 10.41secs - 4th
100m - women - Rumeshi Rathnayaka 11.87secs - 5th 
Javelin - Men - Sumeda Ranasinghe 72.23m - 7th
Triple Jump - Sanjaya Jayasinghe - 15.23m 6th