Saturday, April 20, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාවේ ඇලන් ඩොනල්ඞ්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තනතුරක්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස දකුණු අපි‍්‍රකාවේ ඇලන් ඩොනල්ඞ් පත්කර තිබෙනවා. 

එළඹෙන අයි සී සී ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා පමණක් ඔහු පත්කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ භාණ්ඩාගාරික ෂම්මි සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

ඇලන් ඩොනල්ඞ් කලක් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක්. 

ඔහු මීට පෙර එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. 

2011 වර්ෂයේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ඇලන් ඩොනල්ඞ් නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙසද කටයුතු කළා. 

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේද පන්දු යැවීම් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු මේ වනවිට අයි පී එල් තරගාවලියට එක්ව සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කරනවා. 

අයි පී එල් තරගාවලිය නිමවීමෙන් පසු ඇලන් ඩොනල්ඞ් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.