Friday, March 29, 2024

General line - 0115112241

හයිද්‍රාබාද් සහ පන්ජාබ් ජය ලබයි




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති තරගවලින් ජයග‍්‍රහණ ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා. 

හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ පරාජය වුයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 03ක් දැවී ලකුණු 209ක් ලබාගත්තා.

නායක ඩේවිඩ් වෝනර් පන්දු 59ක දී ලකුණු 126යි. කොල්කටා කණ්ඩායමේ පිළිතුරු ඉණිම කඩුලූ 07ක් දැවී ලකුණු 161කට සීමා වුණා. 

අනෙක් තරගයේ දී කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම හමුවේ පරාජය වූයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායමේ ඉණිම ලකුණු 67කට සීමා වීම විශේෂත්වයක් වුණා. පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 5ක දී කිසිවෙකු නොදැවී ලකුණු 68ක් ලබාගෙන තරගය ජය ගත්තා.