Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාව ජගත් එක්දින පිටියේ පෙරමුණ ගනී




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අද ප‍්‍රකාශයට පත් කළ එක්දින කණ්ඩායම් වාර්ෂික වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත්වී සිටිනවා. 

ඔවුන්ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 128 ක්. දෙවන ස්ථානය හිමිව ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවටයි. 

ඉන්දියාව 3 වන ස්ථානයේ පසු වනවා. නවසීලන්තය සිව්වන ස්ථානයේත් එංගලන්තය පස්වන ස්ථානයේත් ශ්‍රේණිගතව සිටින අතර ශී‍්‍ර ලංකාව පසුවන්නේ 6 වන ස්ථානයේයි. 

බංග්ලාදේශයට 7 වන ස්ථානය හිමිව තිබෙනවා. 

පාකිස්තානය 8 වන ස්ථානයේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුවන්නේ 9 වන ස්ථානයේයි.