Thursday, April 25, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අහිමි වෙයි




2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා ඍජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අහිමි තිබෙනවා. 

ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබන්නේ සැප්තැම්බර් 30 වනදා වනවිට ශ්‍රේණිගත කිරීමේ පළමු කණ්ඩායම් අටයි. 

මේ වනවිට කොදෙව් කණ්ඩායම පසුවන්නේ 9 වන ස්ථානයේයි. 

ඔවුන්ට ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමග එක්දින තරගාවලි දෙකක් ලැබී ඇතත් ඒවා පැවැත්වෙන්නේද නියමිත කාලයෙන් පසුව බවයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කළේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එළඹෙන ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාවද අහිමි වී ගොස් තිබෙනවා. 
ඊට හේතුවූයේද කොදෙව් කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 8 අතරට පැමිණීමට නොහැකිවීමයි. 

ඒ අනුව කොදෙව් කණ්ඩායමට 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඊට පෙර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගත යුතු වනවා.