Thursday, March 28, 2024

General line - 0115112241

ආපදා මෙහෙයුම්වලට එක්වන හමුදා සාමාජිකයන් ඇගයීමට ජනපතිගේ අවධානය




ශිෂ්‍ය භට බලකාය සියයට පනහකින් ඉහළ නැංවීම  පිළිබදව රජයේ අවධානය යොමු වී තිබෙනවා. 

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීයි. 

රණවිරුවන් සදහා ඉඩම් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වනවිට ඉඩම් කට්ටි නවදහසකට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අවශතා මත මහවැලි බල ප‍්‍රදේශයේ ඉඩම් ඒ වෙනුවෙන් ලබාදිය හැකි බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී සදහන් කළේ. 

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය භට බලකාය, ජාතික ආරක්‍ෂණ අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතන ගණනාවක කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. 

සාලාව, සාමසරකන්ද, මීතොටමුල්ල වැනි ආපදාවලදී මුදා  ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන කටයුතුවල නිරත වූ ආරක්‍ෂක අංශ සාමාජිකයින් ඇගයීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙහිදී යෝජනා කෙරුණා.