Thursday, April 25, 2024

General line - 0115112241

බද්දක් නොවන පෙර ගෙවීමක් ගැන මුදල් ඇමති පැහැදිළි කරයි




විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 16 ක් පාර්ලිමේන්තුවේදී ඊයේ (03) සම්මත වුණා.

ඊට අදාළ විවාදයට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ මේ හරහා බදු වැඩිවීමක් සිදු නොවන බවයි.

එහිදී ඔහු සඳහන් කළේ "මේක බද්දක් නෙමෙයි. ඉදිරි අවුරුද්දේ ආදායම් බදු සම්බන්ධයෙන් පෙර ගෙවීමක්. කිසිසේත්ම බදුවලින් වැඩිවීමක් ඇති වන්නේ නැහැ." යනුවෙනි.

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී කරුණු කියාසිටියා.

ඒ අනුව ඔහු පැහැදිළි කළේ "මේ තෙල් ටැංකි ජයවර්ධන ජනාධිපතිවරයා ඒ කාලේ අමෙරිකාවට දෙන්න හැදුවා.. එතකොට බෝඩ් උස්සන් කෑගැහුවා.. මේක අමෙරිකාවට දෙන්න එපා ඉන්දියාවට දෙන්න කියලා. මේක දැකලා අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් හිතුව හොඳ දේ තමයි මේක ඉන්දියාවට දෙන එක කියලා. දැන් කෑගහනවා මේක මොකෝ ඉන්දියාවට දෙන්නේ කියලා.. ඉන්දියාවට දෙන්නේ නැතිව මේක උතුරු කොරියාවට දෙන්නද?. ආර්ථික න්‍යාය අනුව ආණ්ඩුවක් එක තැනක නැවතුනත් ඊට පෙර කරපු අපරාධ ද නැත්නම් හොඳ වැඩද..දෙකම එකට ගෙනියන්න අවශ්‍යයි. අපෙන් ප්‍රශ්න කරලා වැඩක් තියෙනවාද.. එතුමලා..හිතුමතේ අත්සන් කරලා තියෙන ගිවිසුම්වලට ගෙවන්න තියෙන්නේ අපිට..මම නැවත අභියෝග කරනවා.. මට අවශ්‍ය වන්නේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගෙන් උත්තරයක්. අනික් අය උත්තර දීලා වැඩක් නැහැ." යනුවෙනි.