Saturday, April 20, 2024

General line - 0115112241

කොතලාවල ඝාතනයට සැකපිට 03 ක් අල්ලයි




කඩුවෙල - මාලඹේ මාර්ගයේ කොතලාවල ප‍්‍රදේශයේ ඉකුත්දා පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මිරිහාන අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකය විසින්.

සැකකරුවන් පූගොඩ, දෙල්ගොඩ සහ කඩුවෙල ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් සතුව තිබූ තී‍්‍රරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22, 23 සහ 35 යන වයස් සීමාවල පසුවන පුද්ගලයින් තිදෙනෙක්. මෙම වෙඩි තැබීමට පාතාල ගැටුමක් මුල් වී ඇතැයිද අනාවරණ වී තිබෙනවා.

කඩුවෙල - කොතලාවල ප‍්‍රදේශයේ ඉකුත් 13 වැනිදා උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීම සමයං සහ අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයින්ගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ සමයං නැමැත්තාගේ සමීපතමයෙකු බවටද එහිදී පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.