Wednesday, April 24, 2024

General line - 0115112241

පොළොන්නරුවටම විදුලිය නැති වුණේ විසිදෙහැවිරිදි තරුණයාගේ ප්‍රේමය නිසයි (UPDATE)




පොළොන්නරුව, හිගුරක්ගොඩ අධිබලැති විදුලි කණුවක් මත නැග විරෝධතාවක නිරත වු පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (03) පස්වරුවේ සිට අද (04) උදෑසන දක්වා පොළොන්නරුව, හිගුරක්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමටද විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.  

පොලිස් භාරයට ගෙන ඇත්තේ 22 හැවිරිදි බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පේ‍්‍රම සබඳතාවක් හේතුවෙන් ඔහු මෙලෙස විදුලි කණුවට නැග ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පොලීසිය විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගුවන් හමුදාවේ සහායද ඉල්ලා තිබුණා.

-----------------------------------

අයෙක් නිසා පොළොන්නරුවට තවමත් විදුලිය නැහැ 

(2017-05-04 06:35)

 

පොළොන්නරුව, හිගුරක්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක තවදුරටත් විදුලිය විසන්ධි කර තිබෙනවා.

දියබුබුළ ප‍්‍රදේශයේදී අධිබලැති විදුලි කණුවක් මතට නැගි පුද්ගලයෙකු ඊයේ (03) රාති‍්‍රයේ සිට විරෝධතාවක නිරතවීම ඊට හේතුවී ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා තව දුරටත් විදුලි කණුවේ රැඳී සිටින බැවින් පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට තවමත් විදුලිය ලබා දිය නොහැකි බවද සඳහන් කෙරුණා. මෙම පියවර ගත්තේ අදාල පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පැවසුවා.