Friday, April 19, 2024

General line - 0115112241

වෙසක් සැමරුමට ලංකාවට එන මෝදි ඉන්දීය නායකයෙක් මෙතෙක් නොගිය පැත්තකටත් යයි




මෙරට පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම වෙනුවෙන් දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වතුකරයේ දෙමළ ජනතාව ඇමතීමට නියමිත බව අමාත්‍ය පී. දිගම්බරන් පවසනවා.

මෙය වතුකරයේ ජනතාව ලැබූ ජයග‍්‍රහණයක් බවයි ඔහු සඳහන් කළේ. 

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන 12 වැනිදා නෝර්වුඞ්හිදීයි.

මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ වතුකරයේ ජනතාව ඉන්දියාවෙන් ආපු කට්ටිය. මෙච්චර කාලයකට ඉන්දියාවෙන් කිසිම නායකයෙක් ඇවිත් ඔවුන්ව බැලුවෙ නැහැ. වත්මන් ආණ්ඩුව යටතේ තමයි ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වෙන්නේ. මෙතෙක් ආපු හැමෝම ගියේ යාපනයට. වතුකරයට කවුරුත් ආවේ නැහැ." යනුවෙනි.