Thursday, April 25, 2024

General line - 0115112241

මීතොටමුල්ල ස්වභාවික විපතක් නොවේ - මිය ගිය අයෙක් වෙනුවෙන් ලක්ෂ 60 ඉල්ලයි




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත් පිරිසක් අද (04) මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොණු කළා.

ඒ, තමන්ට හිමි වන්දි හෝ අවතැන් වූවන්ට අදාළ තක්සේරු වාර්තාවක් මෙතෙක් ලබාදී නොමැති බව පවසමින්.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මෙහිදී සඳහන් කළේ මෙම ඛේදවාචකයෙන් මිය ගිය සහ අවතැන් වූ පිරිස වෙනුවෙන් මෙම නඩුව ගොණු කළ බවයි.

මෙහිදී මිය ගිය පිරිස වෙනුවෙන් තවමත් රජය වන්දි ලබාදෙන ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බවද පැවසුවා. මෙය ස්වභාවික ආපදාවක් ලෙස නොසලකන බවත් රජයේ ආයතනවල සහ නිලධාරීන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් සිදු වූ ආපදාවක් ලෙස මෙම නඩුවෙන් විස්තර කර ඇති බවත් පැවසුවා.

මියගිය එක් අයෙකු සදහා රුපියල් ලක්‍ෂ 60 ක වන්දියක් ලබාදෙන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. මිය ගිය අය වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගෛන් යැපෙන්නන් සඳහා අනාගතය ගොඩනගා ගැනීම සඳහා මෙම වන්දි මුදල යෝජනා කරන බවද සඳහන් කෙරුණා.