Thursday, March 28, 2024

General line - 0115112241

උතුරේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්




යාපනය, චුන්නාක්කම් පොලීසියේ නිලධාරීන් හය දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගයකට අනුවයි. ඉකුත් 2011 වසරේ නොවැම්බර් මස 21 වැනිදා කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් මියගොස් තිබෙනවා.

ඔහුගේ මළසිරුර සොයාගැණුනේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ වැවක තිබියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චුන්නාක්කම් පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

නඩු විභාගය අතරතුරදී ඔවුන්ගෙන් දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ. බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වු පිරිස අතර චුන්නාක්කම් පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාද වනවා.