Friday, April 19, 2024

General line - 0115112241

ඇමතිකමෙන් ඉල්ලා අස් වූ ප‍්‍රමිත බණ්ඩාර පසුපෙළ අසුනක් ඉල්ලයි




මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තමන්ට පළාත් සභාවේ පසුපෙළ අසුනක් ලබා දෙන්නැයි ඉල්ලීමක්කර තිබෙනවා. 

ඒ මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින්. 

සිය පියා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉකුත්දා ඉවත් කෙරුණා. 

ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පළාත් සභා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඊට විරෝධය පල කිරීමිනුයි.