Friday, April 19, 2024

General line - 0115112241

ඇති හැකි අයගේ වත් පොහොසත්කම් නැති බැරි පිරිස් අතර බෙදී යා යුතුයි - ජනපති




දිළිදුකම පිටු දැකීම සදහා වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. 

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකින්. 

ඇති හැකි අයගේ වත් පොහොසත්කම් නැති බැරි පිරිස් අතර බෙදී යා යුතු බව ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියා. රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සමග බිම් මට්ටමේ සිටින සියලූ කේෂ්ත‍්‍ර නිලධාරීන් එක්විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. 

විදේශයන්ගෙන් ගෙන්වන ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් සිදු කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එවැනි සමීක්ෂණයකින් පසු සුදුසු දේ පමණක් විදේශයන්ගෙන් ගෙන්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.