Wednesday, April 24, 2024

General line - 0115112241

සමූහ දූෂකයන්ගේ අන්තිම තුරුම්පුවත් කැපෙයි




දිල්ලියේ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිව් දෙනාට මරණ දඬුවම ලබා දිය යුතු බව ඉන්දීය ශේෂ්ඨාධිකරණය තහවුරුකර තිබෙනවා. ඒ එම පුද්ගලයන් සිව් දෙනා ගොනු කළ අභියාචනයක් ප‍්‍රතික්ෂේප කරමින්.

2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වූ මෙම සමුහ දූෂණය හේතුවෙන් ඉන්දීය සමාජයේ කැලඹිලිකාරි තත්ත්වයක් ඇති වුණා. බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක් වූ බව කියන එම ශිෂ්‍යාව මහ මග දමා ගොස් තිබූ අතර දෙසතියකට පමණ පසු ඇය රෝහලකදී ජීවිතක්ෂයට පත් වුණා.