Friday, March 29, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් තවමත් පෙරමුණේ




අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් සහභාගි වූ තරග 10න් 08ක් ජය ගනිමින්. මුම්බායි කණ්ඩායමට හිමිව ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 16ක්.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ප‍්‍රසාද ලකුණු 14ක් සමගයි. ඔවුන් තරග 11කට සහභාගි වී ඉන් තරග 07ක් ජය ගෙන තිබෙනවා. රයිසින් පූනේ සුපර්ජයන්ට් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් පිළිවෙලින් තුන්වන හා හතර වන ස්ථානවල රැඳී සිටිනවා.

මෙම සටහනේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටයි.