Saturday, April 20, 2024

General line - 0115112241

එවරස්ට් කන්ද මැද මිය ගිය වයස්ගතමයා




එවරස්ට් කන්ද තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නව වාර්තාවක් තැබීමට උත්සහ කළ නේපාල ජාතික බහදූර් සෙර්චාන්ගේ මරණයට හේතුව අනාවරණ වී තිබෙනවා. ඔහු ජීවිතක්ෂයට පත්වූයේ හිමාල කඳු නැඟිමේ පාදක කඳවුරේදීයි. ගු

ර්කා සෙබළෙකු ලෙස බි‍්‍රතාන්‍ය හමුදාවේ ද සේවය කර ඇති මෙම පුද්ගලයා මිය යනවිට 85 වන වියේ පසුවුණා. ඔහු බිඳ දැමීමට උත්සහ කළේ අසූ හැවිරිදි වියේ පසුවන විට ජපාන ජාතික යූචිරෝ මීරුවා 2013 වසරේ බිහිකර තිබූ වාර්තාවයි. බහදූර් සෙර්චාන්ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවයි වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත්තේ.