Wednesday, April 24, 2024

General line - 0115112241

කුණු කන්දක් කඩා වැටීමට වගකිව යුතු 45 දෙනෙකුට සිරදඬුවම් (PHOTOS)




දකුණු දිග චීනයේ ෂෙන්සෙන් නගරයේ කසල කන්දක් නාය යාමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් 45 දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබෙනවා. 

කසල කන්ද පිහිටි ඉඩම පවත්වාගෙන ගිය සමාගමේ කළමනාකරුට හා ෂෙන්සෙන් නගර පරිපාලනයේ හිටපු ප‍්‍රධානියා ද ඒ අතරට අයත්. 

ඔවුන්ට වසර 20 බැගින් සිර සිරදඬුවම් නියම වුණා. මෙම අනතුර සිදුවූයේ 2015 වසරේදීයි. 

කැලි කසල සහ ඉදිකිරීම්වල අපද්‍රව්‍ය ගොඩගසා තිබූ මෙම කුණු කන්ද කිසිවෙකුත් නොසිතු අවස්ථාවක නාය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එහිදී 70ක් අතුරුදන් වූ අතර තවත් 900ක් බේරා ගැණුනා.