Friday, March 29, 2024

General line - 0115112241

වීථි බැස ජය සමරන ආධාරකරුවන් සමඟ ප‍්‍රංශ නව ජනපතිත් එක්වෙයි (PHOTOS)




ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙල් මැක්‍රොන් තේරීපත් වීමත් සමඟ රට පුරා ඔහුට පක්ෂ ආධාරකරුවන් ජය සමරමින් වීථි බැස සිටිනවා. 

වැඩිම පිරිසක් එක්ව සිටින්නේ පැරිස් නුවරටයි. 

එම ස්ථානයේ සිටින දහස් සංඛ්‍යාත පිරිස සම ජය සැමරීම සඳහා ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ද පසුව එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ආධාරකරුවන් ඇමතූ එම්මානුවෙල් මැක්‍රෝන් පැවසුවේ අප සියලූ දෙනා මෙන්ම ප‍්‍රංශය ද ජයගෙන ඇති බවයි. 


බොහෝ දෙනෙකු තම ජයග‍්‍රහණය පිළිබඳ විමතියට පත්ව ඇති නමුත් ඒ කිසිවෙකුත් ප‍්‍රංශය නිවැරදිව හඳුනාගෙන නොමැති බවටයි ඔහු චෝදනා කළේ.