Friday, April 26, 2024

General line - 0115112241

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකුගේ පාපොච්ඡාරණයක් අධිකරණය 




අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් සහ ගොඩබිමෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකු කරඇති පාපොච්ඡාරණය නීත්‍යානුකූල බවට අනුරාධපුර මහාධිකරණය අද තීරණය කළා. 

ඒ, සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 

මෙම ප‍්‍රහාරයෙන් සිදු වූ බවට පැවසෙන අලාභය රුපියල් කෝටි හාරසියයකට අධිකයි. 

ප‍්‍රහාරය එල්ල වූයේ 2007 වසරේ සැප්තැම්පර් 22 වනදායි. 

එහිදී ගුවන් යානා 16ක් විනාශ වූ අතර හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.