Thursday, March 28, 2024

General line - 0115112241

යොවුන් සිත්  1500ක් එකම මගකට ගෙනා  හැටි




ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ ශ්‍රී ජාත්‍යන්තර තුරුණු වෙසක් කළාපය අද (10) පෙරවරුවේ ආරම්භ වුණා.

තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ද  එම අවස්ථාව සඳහා එක්ව සිටියා.

පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේදී අද පෙරවරුවේ තරුණ තරුණියන් 1500ක් පමණ සිල් සමාදන් වූ අතර  වෙසක් කලාපය තුල ශීල සමාදාන වැඩසටහන්, වෙසක් පහන් කූඩු තරඟ, වෙසක් බැති ගී සරණිය ඇතුළු බෞද්ධාගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.