Friday, April 19, 2024

General line - 0115112241

තුරුණු වෙසක් කළාපයේ අධිෂ්ඨාන මහා පහන් පූජාවට විශාල තරුණ සහභාගීත්වයක්




තුරුණු සිතට දහම් සිසිලක් එක් කළ මහානුභාව සම්පන්න අධිෂ්ඨාන මහා පහන් පූජාව ඊයේ (10) පස්වරුවේ පූජ්‍ය දළුගම සමිතඥාන හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණා. 

ඒ ස්වර්ණ ශ්‍රී ජාත්‍යන්තර තුරුණු වෙසක් කළාපය පැවැත්වෙන පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේදී. 

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සහ එරන්ති රංගේබණ්ඩාර මහත්මිය ද එක්ව සිටියා.

1500 ක පමණ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට සහභාගීවී සිටියා.