Saturday, April 20, 2024

General line - 0115112241

මෝදි ගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂකයින් (PHOTOS)




ඉන්දියානු රජයේ රුපියල් කෝටි පන්සියක වියදමින් ඉදිකර ඇති දික්ඔය මුලික රෝහලේ නව රෝහල් සංකිර්ණය විවෘත කිරිම සහ නොර්වුඩ් නගරයේ වතුකරයේ ජනතාව ඇමතිමට පැමිණෙන ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් භටයින් දෙදහසක් මේ වන විට හැටන් නගරයට ළඟා වී තිබෙනවා.

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුලු පොලිස් කොට්ඨාශ 39 කින් මෙම පොලිස් නිළධාරින් රාජකාරි සඳහා කැඳවා ඇති අතර මෙම පොලිස් නිළධාරින්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් යටතේ රාජකාරි සඳහා යොදවා ඇති බවයි හැටන් පොලිසියේ  උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ.

හැටන් ඩන්බාර් කි‍්‍රඩාංගණයේ සහ හැටන් හයිලන්ඩිස්, හැටන් දික්ඔය ඩි.එම්.සි.සි කි‍්‍රඩාංගණයේ සිට නොර්වුඩ් කි‍්‍රඩාංගණය දක්වා මාර්ගය දෙපසත්, දික්ඔය මුලික රෝහල් භුමියෙත් නොර්වුඩ් කි‍්‍රඩාංගණයෙත් මෙම නිළධාරින් රාජකාරි සඳහා යෙදවීමට නියමිතයි.

පොලිස් නිළධාරින්ට අමතරව පොලිස් විශේෂ කාර්යබලකාය හා යුධහමුදාව සිරුවෙන් තබා තිබෙනවා. මෙම උත්සවයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගි වීමට නියමිතයි.

හෙට (12) දිනයේ හැටන් අධ්‍යාපන කලාපයේ සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ දමිළ පාසල්වල නිවාඩු ලබා දි ඒ වෙනුවට ලබන (20) වන දින පාසල් පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කටයුතු යොදා තිබෙනවා. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (11) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.