Thursday, April 25, 2024

General line - 0115112241

දැවැන්ත සයිබර් ප්‍රහාරයක් - ලෝ පුරා සංවිධාන රැසක අන්තර්ජාල පද්ධතීන් බිඳ වැටෙයි




ප්‍රබල සයිබර් ප්‍රහාරයක් බවට විශ්වාස කරන සිදුවීමකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිදවැටී තිඛෙනවා.  

බීබීසී ලෝක සේවය සදහන් කළේ බ්‍රිතාන්‍ය, අමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය ඇතුළු රටවල් 74 කට ආසන්න ප්‍රමාණයක පරිගණක දත්තවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. 

සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පුර්ණයෙන්ම බිද වැටී තිඛෙනවා. 

මෙය ඉතා සීග්‍රයෙන් යුරෝපය පුරා ආයතනවලට පැතිර යමින් පවතින බවයි පරිගණක ආරක‍ෂාව පිළිබද විශේෂඥයෝ පෙන්වා දෙන්නේ.