Friday, April 26, 2024

General line - 0115112241

කතරගමට රැකවරණය දුන්  ' කොච්චි පතාන පොලිසියට' වෙච්ච අකරතැබ්බ (PHOTOS)




ඔබ මේ ඡායාරූප මගින් දකින්නේ කොච්චි පතාන පොලිසිය නමින් හැඳින්වෙන ස්ථානයයි.

කතරගම - සිතුල්පව්ව මාර්ගයේ පිහිටි මෙම ස්ථානය වඩාත් ජනප්‍රියව තිබුණේ උතුරු නැගෙනහිර සිට කතරගම පෙරහැරට පාද චාරිකාවෙන් පැමිණි පිරිස් පරික්ෂාවට ලක් කරන ලද්දේ මෙම ස්ථානයේදී නිසායි.

එමගින් කතරගම පෙරහැරට විශාල ආරක්ෂාවක් සැලසෙන බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයට නව ගොඩනැගිලි පද්ධතියක් මේ වනවිට ඉදිකර ඇතත් ජනෙල් දොරවල් නොමැති මෙම ගොඩනැගිලි කැළෑවට  ගොස් ඇති බවයි මෙම ඡායාරූප මගින් පෙනෙන්නේ.

ජනෙල් දොරවල් සඳහා මුදල් නොමැතිවීම නිසා මෙලෙස එම ගොඩනැගිලි අතහැර දමා ඇති බවයි ඇතැම් පිරිස් nethnews.lk වාර්තාකරුට සඳහන් කර සිටියේ.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.