Thursday, April 18, 2024

General line - 0115112241

ලොව රටවල් රැසකට එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් සංකීර්ණ වෙයි




ලොව පුරා රටවල් 99ක පරිගණක පද්ධති වෙත එල්ල වූ ප‍්‍රභල සයිබර් ප‍්‍රහාරයේ බලපෑම තවදුරටත් වැඩිවී ඇතැයි වාර්තා වනවා.

යුරෝපා පොලිසිය උපුටා දක්වමින් විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙන්නේ මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියාව සිදු කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සංකීර්ණ විමර්ශනයක් කිරීමට සිදු වන බවයි.

මෙම සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් රැසක ආයතනික පරිගණක පද්ධති හැත්තෑ පන්දහසක් පමණ විනාශ වී තිබෙනවා.

රෝහල් සේවා අඩපණ වීම හේතුවෙන් පුද්ගලයින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සයිබර් ප‍්‍රහාරය සඳහා අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් නිර්මාණය කළ මෘදුකාංගයක් යොදා ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.