Friday, March 29, 2024

General line - 0115112241

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්




ලොව පුරා පැතිර යන ‘‘රැන්සම්වෙයා’’  පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පරිගණක පද්ධති යාවත්කාලීන කර ගන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා. 

එමෙන්ම ඊමේල් ගිණුම් විවෘත කිරීමට පෙරද ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දෙන්නේ. 

මීට අමතරව පරිගණක පද්ධතියේ ඇති දත්තවල පිටපතක් පරිගණකයට සම්බන්ධ නොමැතිව තබා ගැනීම ද සිදු කළ යුතු බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය දැනුම් දෙන්නේ. 

මෙවැනි පියවර අනුගමනය කරන්නේ නම් වෛරසයෙන් සිදු වන බලපෑම් අවම කර ගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා. 

ඉකුත් සිකුරාදා එල්ල වූ මෙම සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වුණා. 

අද දිනයේ ද තවත් සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවටයි පරිගණක විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ. 

පහත පළවන්නේ මෙම වෛරසය හඳුන්වාදෙමින් පළකළ සිංහල වීඩියෝවක්.