Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියන් සාගරයේ වැදගත්කම අගමැති චීනයේදී පෙන්වා දෙයි




‘‘එක් තීරයක් - එක් මාවතක්‘‘ ප‍්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා ඊට සම්බන්ධ සියලු රටවල් අධිෂ්ඨාන සහිතව එක්විය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉහළ ආදායම් ආර්ථිකයන් හා සීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කෙරෙන බවයි.

චිනයේ බිජිං නුවර පැවැත්වෙන  ‘‘එක් තීරයක් - එක් මාවතක්‘‘ සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ  බව සඳහන් කළා.

කලාපයේ ආර්ථික වර්ධනය හා සමෘද්ධිය සඳහා ඉන්දියන් සාගරයේ නිදහස් නාවුක ගමනය බෙහෙවින් ඉවහල් වන බවද මෙම ප‍්‍රයත්නය සාර්ථක කර ගැනීමට නම් ඉන්දියන් සාගරයේ තිරසර සාමය හා ස්ථාවරත්වය රඳා පැවතිය යුතු බවද අගමැතිවරයා පෙන්වා දුන්නා.

එම නිසා සාමකාමී හා හමුදාමය නොවන සබඳතා දිරිගැන්වීම වඩාත් යෝග්‍ය වන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙම වට මේස සාකච්ඡාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං ද අදහස් දැක්වූවා. ඔහු සඳහන් කළේ ගෝලීය අභියෝගයන් ජය ගැනීමට සියලුදෙනාම සාමූහිකව අත්වැල් බැඳ ගත යුතු බවයි.