Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රංශ ජනපතිගේ කාන්තා පිළත් නම් කරයි




සිය මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දු ඉටු කරමින් ස්ත්‍රි පුරුෂ සම නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙන් මැක්රෝන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් අමාත්‍ය දූර 22 න් 11 ක්  සඳහා කාන්තාවන් පත් කිරීමටයි ප්‍රංශ නව ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

කාන්තාවන්ට ලබා දුන් අමාත්‍ය ධූර අතර ආරක්ෂක සහ ක්‍රීඩා අමත්‍ය ධූරයද ඇතුළත් වනවා.

සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධූරය සඳහා පත් කර ඇති අතර ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල්.

ප්‍රංශ නව ජනාධිපතිවරයාගේ මෙම තීරණය හමුවේ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් වික්ෂිප්ත වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.