Friday, April 26, 2024

General line - 0115112241

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අයෙක් මරුට (PHOTOS)




වැල්ලවත්ත ප‍්‍රදේශයේදී කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මුදා ගැණුනු අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (18) රාත‍්‍රීයේ මිය ගොස් තිබෙනවා. 

පොලිසිය පැවසුවේ තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවයි. 

අද අළුයම 1.00 අවසන් කෙරුණු ඔවුන් සෙවීමේ කටයුතු අද උදෑසන යළි ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

මෙම පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් විසි තුන් දෙනෙකු තුවාල ලැබුවා. 

ඔවුන් මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේයි.