Friday, March 29, 2024

General line - 0115112241

මුල්ලිවයික්කාල් සැමරුම සිදු වෙයි (PHOTOS)




යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්යෙන් පැවැත්වුණා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට නිහඬතාවය සුරැකීම සිදුකොට, පහන් දල්වා අදාළ සැමරුම් උත්සවය සිදු කළා.

අදාළ සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියා.

මෙහිදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසූවේ යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

මුල්ලිවයික්කාල් සැමරුම් උත්සයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණා.

පහන් දල්වා, මල් පුජා කොට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම එහිදි සිදු කරනු ලැබුවා. සැමරුම් වැඩසටහන් වෙනුවෙන් උතුරේ ජනතාව විශාල පිරිසක්ද සහභාගි වි සිටියා.