Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සිංහ පැටව් තායිලන්තයට




තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලූයම දිවයිනෙන් පිටත්ව ගියා. 

තරගාවලිය ආරම්භ වන්නේ ලබන 20 වනදායි. 

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වනවා. 

කණ්ඩායමේ පුහුණුකරු ලෙස අමිල ප්‍රසන්න එක්ව සිටින අතර පුහුණුකාරිණිය ලෙස ඒ. ඩී. නන්දාවතී කටයුතු කරනවා. 

දෙවන වරට පැවැත්වෙන මෙවර ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලිය ලබන 23 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම
 
බාලක :- 
ටී.එම්. සුරාජ් දිනූෂ - මොරකැටිය මහ විදුහල (මී. 100), ශාලිත සංතුෂ් වීරසිංහ - කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (මී. 200), රවිශ්ක ඉන්ද්‍රජිත් - කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (මී. 400), ඩී.එම්.එස්. හර්ෂ කරුණාරත්න - වලල රත්නායක මැදි විදුහල (මී. 800), හේෂාන් කාරියවසම් - කොළඹ ශා. ජෝශප් විදුහල (මී. 110 කඩුලු), එස්.ඒ. නවෝද්‍ය සංකල්ප - මහින්ද විදුහල (මී. 400 කඩුලු), චානුක විශාන් කස්තුරිආරච්චි - ගල්කිස්ස ශා. තෝමස් (උස පැනීම), ප්‍රමෝද් මධුභාෂ්  - මීගමුව මාරිස්ටෙලා (දුර පැනීම), තාරුක රුක්ෂාන් - හලාවත ශා. මරියා (හෙල්ල විසිකිරීම)
 
බාලිකා :-
සචිනි දිව්‍යාංජලී - වත්තල ලයිසියම් (මීටර් 100, 200), සඳුමිනි චවිප්‍රභා බණ්ඩාර - කෑගල්ල ශා. ජෝශප් බාලිකාව (මී. 400), අශ්මිතා හේරත් - කුලියාපිටිය මැදි විදුහල (මී. 2000 බාධක, 3000 බාධක)
 
නිලධාරීන් :-
සුසන්ත ප්‍රනාන්දු (කළමනාකරු), අමිල ප්‍රසන්න (පුහුණුකරු), ඒ.ජී. නන්දාවතී (පුහුණුකාරිනිය)