Friday, April 19, 2024

General line - 0115112241

අවසන් තරගයට සුදුස්සා තෝරණ මහේල - ශාරුක් ඛාන් IPL ගැටුම අද




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගය මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද (19) පැවැත්වෙනවා. 

ඒ බැංග්ලෝර්හි එම් චින්නස්වාමී ක‍්‍රීඩාංගණයේදීයි. 

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. 

බොලිවුඞ් සුපිරි නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජැක් කලීස්. 

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා කටයුතු කරන අතර ගෞතම් ගාම්භීර් කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. 

අද තරගය ජය ගන්නා කණ්ඩායමට ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනවා. 

ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රයිසින් පූනේ කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.