Tuesday, April 16, 2024

General line - 0115112241

බදුල්ලේ දී වෑන් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙක් මරුට




බදුල්ල මහියංගනය මාර්ගයේ තල්දෙන - හවරිනුගේ හන්දියේ දී වෑන් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

වෑන් රථය අඩි සීයක් පමණ ප‍්‍රපාතයට පෙරලී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව - පදලංගල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්. 

රියදුරුට නින්ද යාම අනතුරට හේතුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.