Friday, April 19, 2024

General line - 0115112241

සුපිරි වෙළෙඳසැලක හොරෙන් විකිණු ලක්ෂ 30ක විදෙස් මත්පැන් මාට්ටු




මීගමුව නගරයේ සුපිරි වෙළඳසැලක බලපත‍්‍ර නොමැතිව අලෙවි කිරීමට තබා තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් අද (19) උදෑසන සිදු කළ වැටලීමකදීයි.

අදාළ ස්ථානයේ තිබී විදේශීය මත්පැන් බෝතල් 270ක් සිය භාරයට ගත් බවයි ගම්පහ සුරාබදු කාර්යාලය සඳහන් කළේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික වන බව එම කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කළා.