Saturday, April 20, 2024

General line - 0115112241

විකී ලීක්ස් ලොක්කාට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා අතහැර දමයි




විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෲ ජූලියන් අසාන්ජ්ට එරෙහි ස්ත‍්‍රී දූෂණ චෝදනා පිළිබඳ විභාගය ස්වීඩනය අත්හැර දමා තිබෙනවා. ඒ, අදාළ චෝදනා යටතේ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගන්නා ලෙස ස්වීඩන් බලධාරීන් නියෝග කර වසර 07ක් ගතවීමට පසුවයි.

තමා අත්අඩංගුවට ගතහොත් අමෙරිකාවට භාරදෙනු ඇතැයි ප‍්‍රකාශ කරමින් ජූලියන් අසාන්ජ් එම අධිකරණ ක‍්‍රියාමාර්ගයට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කළා. පසුව ඔහු ලන්ඩනයේ පිහිටි එක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගත්තා. යුදමය සහ රාජ්‍ය තාන්ත‍්‍රික රහස්‍ය තොරතුරු ඇතුළත් ලිපි ලේඛන දහස් ගණනක් විකිලීක්ස් වෙබ් අඩවිය ම`ගින් ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමට අමෙරිකාව සලකා බලමින් සිටිනවා.